ආදරණිය දුවේ පුතේ ,
වර්ථමානය වන විට මුළු ලෝකයම භයානක වෛරසයක (කොරෝනා - Covid19) බලපෑමකට ලක් වෙමින් පවතින අවස්ථාවක ශ්‍රී ලාංකීය ඔබ අප සියළු දෙනාටමත් එදිනෙදා වැඩකටයුතු සීමා කර ගනිමින් නිවෙසටම වී අදාළ කාර්යයන් කිරීමට සිදුවී ඇත.එම තත්ත්වය තුල වුවද ආනන්දීය දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගැනීම සඳහා අන්තර්ජාලය භාවිතා කරමින් අවශ්‍ය අධ්‍යාපනික දැනුම ලබා දීමට විදුහල්පති තුමා, නියෝජ්‍ය විදුහල්පති මණ්ඩලය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ආදරණිය ගුරු මෑණිවරුන් සහ ගුරු පියවරුන් සූදානම් ව සිටී.
එම අරමුණ ඉටු කරගැනීම සඳහා සකස් කරන ලද මෙම වෙබ් අඩවිය භාවිතා කරමින් ආනන්දීය දූ දරුවන් මෙන්ම සමස්ථ පාසල් දූ දරුවන් සියළුම දෙනා උපරිම ප්‍රයෝජන ලබාගන්නවා ඇතැයි අප විශ්වාස කරමු.
*******


0 Comments